Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Skrill account creating and tricks for use


Skrill සරලවම බැංකුවක් වගේ කියන්න පුළුවන්. බැංකුවක්ම නෙමේ Skrill කියන්නේ මුදල් ගණුදෙනුවල අතරමැදියෙක්. ඉතිං ලංකාවට PayPal හරහා මුදල් ලබාගන්න බැරි නිසා අපිට තියෙන හොඳම විසඳුමක් තමා මේ Skrill කියන්නේ. ඒත් දැන් වෙනකොට Skrill ගිණුමකට ලංකාවේ බැංකුවකින් සල්ලි දාන්න බැරි වෙලා තියෙනවා විවිධ හේතුනිසා. ඒත් අපිට පුළුවන් මොකක්හරි විදියකින් අපි උපයන මුදල් අපේ අතට ගන්න EzCash හරහා. දැනට ඔයාට Skrill ගිණුමක් නැත්නම් පහළ Link එකෙන් ගිහින් Account එකක් නොමිලේම හදාගන්න පුළුවන්. ගිණුම හදාගන්න විදිය වගේම EzCash නම්බර් එකක් ඇඩ් කරලා ඒ හරහා සල්ලි ගන්න විදියත් බලාගන්න දිගටම කියවන්න.



උඩ link එකෙන් ගියාම Phone එකකින් නම් ඇප් එක Download කරලා තමා ඉතුරු ටික කරන්න වෙන්නේ. වඩා හොඳයි Computer එකකින් කරනවා නම්, ඉතිං අපිට මේ විදියෙ පිටුවක් බලාගන්න පුළුවන්. එතනින් ඔයාගේ ඇත්තම විස්තර දීලා ෆෝම් එක පුරවන්න. මොකද ගිණූම තහවුරු කරනකොට අපේ Identity Card එක හෝ Driving license එකේ Photo එකක් යවන්න ඕන. එතකොට ඔයා මෙතනදි දීපු තොරතුරු එක්ක අපේ හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ තොරතුරු ගැළපුනේ නැත්නම් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මුල ඉඳන්ම හරියට හදාගෙන යන්න.


ෆෝම් එක සම්පූර්ණ කරාට පස්සේ ඔයා ඒ ෆෝම් එකේ දීපූ ඊමේල් එකට Skrill එකෙන් ඊමෙල් එකක් එවනවා, ඒ ඊමෙල් එක බලලා ඒකෙ තියෙන Link එකෙන් ඊමේල් එක තහවුරු කරගන්න.


දැන් අපි බලමු EzCash Number එකක් මේ Skrill එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා.

* මුලින්ම ඔයාට EzCash Register වූ සිම් එකක් තියෙන්න ඕන.

Step 1
වම් පැත්තේ Withdraw Button එක Click කරන්න.


Step 2
මෙතනින් Mobile wallet තෝරන්න.


Step 3
මෙතනින් Add Mobile Wallet තෝරන්න. මම දැනටමත් මගේ නම්බරේ ඇඩ් කරලා තියෙන නිසා ඔතන පෙන්නුවාට අලුතින් හදපු Account එකක් නම් එතන හිස්ව තියෙයි.

Step 4
මෙතනින් පළවෙනි තීරුවෙන් EzCash තෝරලා දෙවනි තීරුවේ ඔයාගේ EzCash Register වෙලා තියෙන number එක දාලා Add & Continue කලික් කරන්න.


Withdraw

Step 1
මුලින්ම Skrill Website එකට හරි Phone එකෙන් Skrill App එකට හරි Log වෙන්න. එතනින් බලාගන්න පුළුවන් අපේ Balance එක. EzCash කරගන්න පහළම තියෙන Withdraw Button එක ඔබන්න.


Step 2
මෙතනදී අපිට Withdraw කරන්න පුළුවන් අවම ගාණ වගේම උපරිම ගාණත් බලාගන්න පුළුවන්. ඒ් මිල ගණන් ‌‌දෙක අතර ගාණක් අපිට ගන්න පුළුවන්. මම උදාහරණයක් විදියට $1 ක් ගන්නවා.


Step 3
මෙතනදි අපිට සාරාංශයක් විදියට අපේ EzCash Number ඒක, අපිට ලැබෙන ගාණ, අය කරන ගාස්තුව වගේ ‌දේවල් බලාගන්න පුළුවන්. ඒ් ටික සම්පූර්ණ නම් Confirm Button ඒක ඔබන්න.


Step 4
ඊට පස්සේ තත්පර 10ක් 15ක් ගතවෙන්න කලින් EzCash ගිණුමට සල්ලි එනවා.

Step 5
EzCash Register ‌වෙලා ඉන්න සිම් ඒක Phone එකේ ති‌ෙයෙනවා නම් ‌මේ විදියට SMS එකක් එයි. 





Post a Comment

0 Comments