Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Coinbase account creating and tricks for use


Bitcoin කියන මුදල් වර්ගය එක්ක වගේම ගොඩක් Crypto currency එක්ක ගණුදෙනු කරනකොට අපිට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමා Coinbase wallet එක. ඉතිං අපි සාමාන්‍ය මුදල් ගණුදෙනු කරනකොට එක්කො මුදල් බැංකුවේ තැන්පත් කරනවා, නැත්තම් කාඩ් එකක් පාවිච්චි කරනවා, එහෙමත් නැත්තම් ගොඩක් වෙලාවට පර්ස් එකේ දාගෙන ඉන්නවනෙ. ඉතිං විද්‍යුත් මුදල් ඒකක වෙන මේ Crypto currencies අපිට සාක්කුවේ දාගන්න බැහැ. ඒත් ඒවා තියාගන්න අපිට බැංකුවක්, එහෙම නැත්තම් පර්ස් එකක් විදියට මේ Coinbase එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අපිට මුදල් උපයන්න නම් ක්‍රම කීපයක්ම එයාලා හඳුන්වලා තියෙනවා. ඒ ක්‍රම සාර්ථකද නැද්ද කියලා මට කියන්න අමාරුයි, මොකද මම ඒ දේවල් වලින් සතයක්වත් උපයලා නැති නිසා. ඉතිං හැමෝටම coinbase wallet එකක් තිබුනා කියලා කිසිම හානියක් නැහැ. හිස් උනත් පර්ස් එකක් අපි ගාව තියෙනවානෙ.  ඉතිං පහළ link එකෙන් coinbase wallet එකක් හදලා තියාගන්න, 

ඒ වගේම අපිට මොකක්හරි ඇප් එකකින් හරි web site එකකින් හරි මුදල් අපේ Coinbase wallet එකට ගන්න නම් ඒ ඇප් එකට හරි web site එකට හරි අපේ Coinbase wallet Address එක දෙන්න ඕන. (හරියට කවුරු හරි ඔයාට බැංකුවක් හරහා සල්ලි එවනවා නම් ඔයා‍ගෙ බැංකු ගිණුම් අංකෙ ඒ කෙනාට දෙනවා වගේ.)
ඇත්තටම Address එක කිව්වට Address එකක් නෙමේ Address ගොඩක් තියෙනවා, මොකද එක මුදල් ඒකකයක් එක්ක නෙමේ අපි මුදල් එක්ක ගොඩක් එක්ක ගණුදෙනු කරන නිසා ඒ ඒ මුදල් ඒකකයට අදාළව Address ගොඩක් ලැබෙනවා මේ Coinbase Account එකත් එක්ක. හොඳට මතක තියාගන්න ඇප් එකෙන් හරි web site එකෙන් හරි ගෙවන මුදල් ඒකකය මොකක්ද බලලා අදාළ Address එකම දෙන්න ඕන. උදාහරණයක් විදියට BCH (Bitcoin Cash) වලින් ගෙවන ඇප් එකකට ඔයා BTC (Bitcoin) wallet Address දුන්නොත් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක වෙන කෙනෙකුගේ ගිණුමකට යනවා. පහළ තියෙන පියවර වලින් අපිට පුළුවන් අදාළ Address එක තෝරගන්න.

Bitcoin ගැන තව කියවන්න කැමති නම් මේ link එකට යන්න.
https://bitcoin.org/en/



මුලින්ම අපි බලමු Coinbase Website එකෙන් කොහොමද අදාළ Wallet Address තෝරගන්නේ කියලා.

Step 01 : 
Phone එකෙන් හරි Computer එකකින් හරි https://www.coinbase.com‍ මේ link එකෙන් හෝ Google search කරලා coinbase එකට Sign in වෙන්න.

Step 02:
ඊට පස්සෙ ලැබෙන Window එකේ Portfolio ටැබ් එකට යන්න.



Step 03:
ඊළඟට ලැබෙන Window එකේ ටිකක් පහළට යනකොට තියෙනවා අපේ Coinbase Wallet එකට ගන්න පුළුවන් Coin වර්ග ටික (මුදල් ඒකක ටික). ඒකෙන් අපිට ඕන කරන Coin වර්ගයේ නම තෝරන්න. (මෙතනදි අපිට කෙටි නම වගේම දිග නමත් බලාගන්න පුළුවන්. හරියට රුපියල් වලට රු. කියලා Rupees = Rs විදියට පාවිච්චි කරනවා වගේ.)
උදාහරණයක් විදියට මම BCH (Bitcoin Cash) Wallet Address එක ගන්න විදිය පෙන්නන්නම්.


Step 04:
ඊළඟට ලැබෙන window එකෙන් Receive Button එක ඔබන්න. මොකද අපිට මුදල් ලබාගන්න Wallet Address එක ඕන වෙන නිසා.


Step 05:
ඊළඟට ලැබෙන Message Box එකේ Understand Button එක ඔබන්න.



Step 06:
ඊළඟට ලැබෙන  window එකේ Copy Button එක ඔබලා අපිට පුළුවන් අදාළ Wallet Address එක Copy කරගන්න. ඊට පස්සේ ඔයාට මුදල් ලබාගන්න අවශ්‍ය ඇප් එකට හෝ Web site එකට Paste කරන්න.


මේ ගැන මොකක්මහරි ගැටළුවක් තියෙනවා නම් Contact us Page එකෙන් සම්බන්ධ කරගන්න.

Post a Comment

2 Comments